දේශීය

2021 අයවැය අද පාර්ලිමෙන්තුවට

අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් 2021 වර්ෂයට අදාළ අයවැය යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත වේ.

2021 විසර්ජන පනත් කෙටුම්පත පසුගිය06 වැනිදා ගැසට් පත්‍රයේ පළ කළ අතර එය 20 වැනිදා අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි. එය දෙවනවර කියවීම හෙවත් අයවැය කතාව ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු සභාව අද පස්වරු 1.40 ට රැස්වීමට නියමිතයි.

මෙරට 75 වැනි අයවැය වාර්තාව මෙවර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

මෙම විසර්ජන පනත මගින් 2021 මුදල් වර්ෂයට අදාළව රජයේ සේවා වියදම් සඳහා රුපියල් බිලියන 2678 ක් වෙන් කිරීම සහ ශ්‍රී ලංකාව තුළ හා ඉන් බැහැරව රුපියල් බිලියන 2009 ක සීමාවට යටත්ව ණය ලබා ගැනීමට යෝජනා ඉදිරිපත් කර තිබේ.

හෙට (18) සිට ලබන 21 වැනිදා දක්වා පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා අයවැය දෙවනවර කියවීමේ විවාදය පැවැත් වේ. දෙවන වර කියවීමේ ඡන්ද විමසීම 21 වැනිදා පස්වරු 5.00 ට සිදු කිරීමට නියමිතය.

අයවැය කාරක සභා අවස්ථා විවාදය ලබන 23 වැනිදා ආරම්භ වන අතර දෙසැම්බර් 10 වැනිදා දක්වා එය පැවැත්වෙයි.

දෙසැම්බර් 10 වැනිදා පස්වරු 5.00 ට කාරක සභා අවස්ථාවේ ඡන්ද විමසීම සිදු කිරීමට නියමිත වේ.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන් හා රෙගුලාසිවලට අනුකූලව මෙවර පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *