අද කාලගුණය
දිවයිනේ පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරෝත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තතුව නිවේදනය කරයි.
මි.මි.75ට වැඩි තද වැසි සබරගමුව,මධ්‍යම,උතුර, හා ඌව පළාත්වවලත් අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට ඇතිවිය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් වේ.
දිවයිනට නිරිත සහ දකුණ දෙසින්වන මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට තද වැසි ඇති විය හැකි අතර ගිගුරුම් සහිත වැසි සමඟ සුළඟේ වේගය පැ.කි.මි.70-80 පමණ ඉහළ යා හැකි නිසා මුහුසු ප්‍රදේශ රළු වීමට ඉඩ ඇත.
උතුර,නැගෙනහිර,ඌව,හා සකුණු පළාත්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවලද තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
අකුණු මඟින් අනතුරු සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳ අවධානයෙන් සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
