දේශීය

බෝගම්බර නීරෝධායන මධ්‍යස්ථානය වෙනත් තැනකට රැගෙන යන්න – ලක්ෂමන් කිරිඇල්ල

මහනුවර බෝගම්බර නීරෝධායන මධ්‍යස්ථානය එම ස්ථානයෙන් ඉවත් කර වෙනත් සුදුසු තැනක ස්ථාපනය කළ යුතු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. ජනතාව විශාල වශයෙන් ගැවසෙන තදාසන්න ප්‍රදේශයක මෙම නීරෝධායන මධ්‍යස්ථානය පිහිටා තිබීම හේතුවෙන් කොවිඩ් ව්‍යාප්තිය සීග්‍ර වීමට හේතු විය හැකි බව කිරිඇල්ල මන්ත්‍රිවරයා වැඩිදුරටත් පවසයි.

ආරම්භයේදී ආසාදිතයින් 100කින් ආරම්භ වූ බෝගම්බර නීරෝධායන මධ්‍යස්ථානයේ මේ වන විට 800ක් පමණ ආසාදිතයින් සිටින බැවින් රෝග ව්‍යාප්තියට එය හේතු විය හැකි බව පවසන කිරිඇල්ල මන්ත්‍රිවරයා එම මධ්‍යස්ථානය වෙනත් ස්ථානයකට ඉක්මනින් ගෙන යා යුතු බව අවධාරණය කර සිටී.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *