දේශීය

අයවැය – දිය යටින් ගින්දර ගෙනයන ගමන් ධනපතින්ට ඉදිරිපත් කළ පෙම් හසුනක් – පුබුදු ජයගොඩ

ආන්ඩුව විසින් ඉදිරිපත් කරන ලද 2021 අයවැය දියයටින් ගින්දර ගෙන යන අයවැයක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි. අයවැය ඉදිරිපත් කිරීමේ දී ආන්ඩුපක්ෂ ප්‍රීති ඝෝෂා නොතිබුනු බවත් විපක්ෂයේ විරෝධතා දක්නට නොලැබුනු බවත් පවසන ජයගොඩ මහතා එබැවින් සමාජය තුළ ඇති මතය වනුයේ මෙය ‍පතෝල අයවැයක් බවයි.

නමුත් මෙය ඉතා බරපතල අනතුරකට ජනතාවට ඇද දමන අයවැයක් බවත් මෙවර අයවැය පෙම් හසුනක් ලෙස හදුන්වාදිය හැකි බවත් ඔහු පවසයි. අයවැය පෙම් හසුන ඉදිරිපත් කර ඇත්තේ මහාපරිමාන ව්‍යාපාරිකයින්ට මිස ජනතාවට නොවන බව ජයගොඩ මහතා වැඩිදුරටත් පවසයි.

2020 වසරේ රුපියල් ට්‍රිලියන 2ක (බිලියන 2000) ණයක් ලබා ගත් අතර 2021 සදහා රුපියල් ට්‍රිලියන 3ක (බිලියන 3000) ණයක් ලබාගැනීමට ආන්ඩුව තීරණය කර ඇති බව පවසන ජයගොඩ මහතා බදු ආදායමෙන් 78%ක් ලබා ගැනීමට සැලසුම් කර ඇත්තේ සාමාන්‍ය ජනතාවගෙන් බවත් සමාගම් වලින් ලබාගැනීමට අපේක්ෂා කරන්නේ බදු ආදායමෙන් 22%ක් බවත් ඒ තුළම ජනතාවට රාජපක්ෂ ආන්ඩුව සලකන ආකාරය තේරුම් ගත හැකි බව පවසයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *