දේශීය

කේරළ ගංජා කිලෝ 59ක් සමග තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 59ක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කැලණිය ටයර් හන්දිය ප්‍රදේශයේදී මෝටර් රථයකින් රැගෙන යමින් සිටි කේරළ ගංජා කිලෝග්‍රෑම් 8ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවත් ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලට අනුව තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලීසිය පවසයි.

ඉන් එක් අයෙකු වෑන් රථයකින් කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරු මෝටර් රථයකින් කේරළ ගංජා කිලෝ 8යි ග්‍රෑම් 500ක් ප්‍රවාහනය කරමින් සිටියදී පෑලියගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය වැඩි දුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *