බෝගම්බර බන්ධනාගාරයෙන් රැඳවියන් 5දෙනෙකු පැනයාමට තැත් කරයි
බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධානයට ලක් වෙමින් සිටි රැඳවියන් 5දෙනෙකු අද ( 18 ) බන්ධනාගාරයෙන් පැනයාමට උත්සහ කර තිබේ.
එම අවස්ථාවේදී එක් රැඳවියකු මියගොස් ඇති අතර මියගිය රැඳවියා අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක් වන බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කරයි.
පැනයාමට උත්සහ කළ තවත් රැදවියන් තිදෙනෙකු තුවාල ලබා තිබේ.
බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදී එක් රැඳවියකු පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.
පැනයාමට උත්සහ කළ රැඳවියන් පිරිස මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටි පිරිසක් බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා වැඩි දුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
