දේශීය

මහනුවර ප්‍රදේශයේ භූ කම්පනයක්

අද ( 18 ) පෙරවරු 9.28ට පමණ මහනුවර සහ දිගන ප්‍රදේශයේ භූ කම්පනයක් සිදු වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.

එම භු චලනය පල්ලෙකැලේ සහ මහකනදරාව පිහිටි භූකම්පන මාපකයේ රික්ටර් පරිමාණ ඒකක 2.0ක පමණ අගයකින් සටහන් වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය වැඩි දුරටත් සඳහන් කරයි.

අනුර වල්පොල මහතා පැවසුවේ මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *