අද කාලගුණය
අද (18) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
බස්නාහිර පළාතේ හා දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ඇති වන බවත් කළුතර දිස්ත්‍රික්කයේත් සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 50 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවත් සඳහන් වේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් අනතුරු සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳ අවදානයෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
