චීනයේ කොවිඩ් එන්නතක් සාර්ථක වූ බව පර්යේෂකයින් පවසයි
චීනයේ නිශ්පාදිත සිනොවැක් බයෝටෙක් කොවිඩ් එන්නත සාර්ථක වී ඇති බවට වාර්තා වේ.
චීනයේ මේ වන විට එන්නත් කිහිපයක් නිශ්පාදනය කර ඇති අතර ඉන් කිහිපයක් තොරාගත් පිරිස් සඳහා එන්නත් කර ඇත.
පුද්ගලයින් 700ක් පමණ යොදා ගනිමින් මෙම සිනොවැක් බයෝටෙක් එන්නත අත්හදා බලා ඇති අතර ඒ මඟින් ඉතා කඩිනමින් ප්‍රතිශක්තිය ඇති කළ බවය පර්යේෂකයින් පවසා ඇත.
බොහෝමයක් රටයල් තුළ කොවිඩ් සඳහා ප්‍රතිකාර කිරිමට විවිධ වර්ගයේ එන්නත් නිපදවමින් ඒවා අත්හදා බලමින් සිටියි.එහිදි ඇමරිකාව, ජර්මනිය සහ රුසියාව සාර්ථක කොවිඩ් එන්නත් නිපදවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
