ක්‍රීඩා

ප්‍රංශ ගුවන් කරණම් ශූර රීෆෙට් මිය යයි

ප්‍රංශ ජාතික ගුවන් කරණම් ශූර වින්සන් රීෆෙට් ජීවිතක්ෂයට පත්ව ඇත.

ඩුබයිහී පුහුණුවීමක් සිදුකරමින් සිටින අතර තුර දී සිදු වූ අනතුරකින් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

මිය යන විට 36 වියේ පසු වූ රීෆෙට්ගේ මරණය පුහුණුවීමක් අතරතුර අනතුරකින් සිදු වූවක් බව සඳහන් කළත්, මේ සිදුවිම සම්බන්ධව වැඩි තොරතුරක් සඳහන් නොවේ.  

රීෆෙට් පසුගිය මාසයේ සම්මුඛ සාකච්චාවකට එක්වෙමින් ‘බොහෝ සිහින තිබුණ ද ජීවිතය කෙටි’ යනුවෙන් සඳහන් කර ඇත.

කෙසේවෙතත් මෙම මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

රීෆෙට්ගේ ගුවන් කරණම් බොහෝමයක් සමාජ මාධ්‍ය තුළ ප්‍රසිද්ධියට පාත්‍ර වී ඇත.අපූර්වාකාරයෙන් ගුවන් කරණම්වල නිරත වූ ඔහුගේ දක්ෂතා අතර,ප්‍රංශ ජාතික ෆ්‍රෙඩ් ෆියුගන් සමඟ කන්දක සිට චලනය වන ගුවන් යානකට පැණීම ලොව පුරා කතා බහට ලක් විය.

ලෝකය පුරා ප්‍රේක්ශකයන්යේ ආදරය දිනා ගත් වින්සන් රීෆෙට්ගේ මරණය සිය ක්‍රීඩා ලෝලීන්ට මහත් කම්පණයක් ඇති කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *