අද කාලගුණය
අද (19) සවස් කාලයෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඇති විය හැකි බව සඳහන් වේ.
බස්නාහිර හා දකුණු පළාත් වල වෙරළබඩ ප්‍රදේශයන් තුළ කඩින් කඩ වැසි තත්ත්වයක් දක්නට ලැබෙන බවත්, මි.මි. 75ක පමණ තරමක් තද වැසි සබරගමුව, මධ්‍යම, දකුණ හා ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් අනතුරු සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳ අවදානයෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
