ක්‍රීඩා

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ වෙනස්කම් රැසක්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මේ මස 27වන දින ආරම්භ වීමට නියමිතව අතර දෙසැම්බර් 17වන දා දක්වා දින 21ක් පුරා පැවැත් වීමට නියමිතව ඇත.

මාස 08ක් පමණ පුහුණු වීම් නොකිරීම හේතුවෙන් ලසිත් මාලිංග මෙම තරගාවලියට සහභාගීවනවාද යන තීරණය ඉදිරි දින කිහිපයේදී තහවුරු කරන බව දන්වා ඇත.

මාලිංගගේ පියා අසනීප තත්ත්වයක සිටීම හේතුවෙන් IPL තරගාවලියට ද ඔහු සහභාගී නොවීය.

ඔක්තෝබර් 19වන දා පැවති ක්‍රිඩකයාන් තෝරා ගැනීමේ අවස්ථාවේ වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් තොරා නොගත් අතර මේ වන විට ඔහුව කලම්බු කිංග්ස් කණ්ඩායමට තරග වැදීමට තෝරා ගෙන ඇත.

එසේම  ක්‍රිස් ගේල් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම නියෝජනය කිරීමට සිටි අතර ඔහු මෙවර LPL තරගාවලියට සහභාගී නොවන බව තීරණය කර තිබේ.

ඔහුගේ පෞද්ගලික හේතුවක් නිසා මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ක්‍රිස්ගේල් වෙනුවට ආදේශක ක්‍රීඩකයෙක් තීරණය කිරීමට ඇත.

ඉර්ෆාන් පතාන්, නවීන් උල් හක්, මුනාෆ් පටෙල්, සොහයිල් තන්වීර් සහ රහමනුල්ලා ගුර්බාස් යන විදෙස් ක්‍රීඩකයින් මහනුවර කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිත වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *