ඩ්‍රෝන මෙහෙයුම්වලින් 117ක් අත්අඩංගුවට
මේ වන විට පුද්ගලයින් 117ක් ඩ්‍රෝන මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.
ඊයේ (19) දිනයේ හුදකලා කළ ප්‍රදේශ සම්බන්ධයෙන් විශේෂ බුද්ධි මෙහෙයුමක් ක්‍රියාත්මක වු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
ඒ අනුව හුදකලා කිරීමට අදාළ නිරෝධායන නියෝගය පොලිස් වසම් 24ක් ආශ්‍රිතව තවදුරටත් ක්‍රියාත්මකව පවතින අතර ගතවූ පැය 24ක කාලය තුළ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 46 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ ඔවුන් සියලු දෙනා මුහුණු ආවරණ පැළඳ නොසිටීම සහ සමාජ දුරස්ථභාවය පවත්වාගෙන නොයාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බවයි.
ඒ අනුව ඔක්තෝබර් මස 30 වනදා සිට මේ දක්වා නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 358 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සියළු දෙනාට එරෙහිව ඉදිරියේදී නීරෝධායන නීති යටතේ නඩු පැවරිමට කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩි දුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
