දේශීය

තවත් කොවිඩ් මරණ 4ක් – සමස්ත සංඛ්‍යාව 73ක් දක්වා ඉහළට

තවත් කොවිඩ් රෝගීන් සිව් දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඒ අනුව මෙරටදී මිගොස් ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 73ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එලෙස මියගොස් ඇත්තේ කොළඹ 15 ප්‍රදේශයේ 27 හැවිරිදි කාන්තාවක්, කොළඹ 10 ප්‍රදේශයේ 70 හැවිරිදි පුද්ගලයෙක්, කළුතර හල්තොට 86 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කළුතර පොකුණුවිට 59 හැවිරිදි කාන්තාවකි.

කොළඹ 15 ප්‍රදේශයේ මියගිය 27 හැවිරිදි කාන්තාව කොළඹ ජාතික රෝහලේදී කොවිඩ් රෝගියෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු මුල්ලේරියාව රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇති අතර මරණයට හේතුව කොවිඩ් ආසාදනය නිසා උත්සන්න වු අක්මා රෝගී තත්ත්වයකි.

කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පිරිමි පුද්ගලයා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර මරණයට හේතුව කොවිඩ් ආසාදනය සමග ඇති වු නියුමෝනියා තත්ත්වයකි.

කළුතර දිස්ත්‍රික්කයේ පොකුණු විට පදිංචි 59 හැවිරිදි කාන්තාව කොවිඩ් ආසාදනය හේතුවෙන් ඇති වු පපුවේ ආසාදන තත්ත්වය හා අධික රුධිර පීඩනයෙන් නිවසේ දී මියගොස් ඇත.

මියගිය අනෙක් පුද්ගලයා කළුතර දිස්ත්‍රික්කයේ හල්තොට පදිංචි 86 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන අතර ඔහු නිවසේ දී මියගොස් ඇත.ඔහුගේ මරණයට හේතුව කොවිඩ් ආසාදනයෙන් ඇති වු පපුවේ ආසාදන තත්ත්වයකි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *