දේශීය

IDH රෝහලෙන් පළාගිය කාන්තාව සොයන්න ජනතා සහය පතයි

කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී කොළඹ IDH රෝහලෙන් පළාගිය කාන්තාව සොයා ගැනීම සඳහා පොලීසිය ජනතාවගෙන් සහයෝගය ඉල්ලා සිටී.

ඊයේ ( 19 ) රාත්‍රී 9.10ට පමණ එම කාන්තාව වයස අවුරුදු 2ක පමණ දරුවා ද සමග රෝහලෙන් පැන ගොස් තිබුණි.

ඇය විසින් දරුවා ඇහැළියගොඩ ප්‍රදේශයේ ඥාති නිවසකට භාර දී එතැනින් ද පළාගොස් ඇති බව පොලිස් විමර්ශන වලදී හෙළිවී ඇති අතර පොලීසිය විසින් අද (20 ) උදෑසන දරුවා සොයාගෙන නැවත රෝහල් ගත කිරීමට අවශ්‍ය කටයුතු යොදා තිබේ.

එම 25 හැවිරිදි කාන්තාව මහා පරිමාණ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ තැනැත්තියක් බව ද පොලීසිය වැඩි දුරටත් සඳහන් කරයි.

ඇය සොයා ගැනීම සඳහා මේ වන විටත් පොලීසිය කටයුතු කරමින් සිටී.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *