යුරෝපය දැඩි අවධානමක සෑම තත්ත්පර 17කට වරක් එක් කොවිඩ් මරණයක් – ලෝක සෞඛ්‍ය සංවිධානය
යුරෝපය තුළ කොවිඩ් වෛරස ආසාදිතයින් වාර්තා වීම පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයක් කර ඇත.
එම සංවිධානය පවසන්නේ ගතවන සෑම තත්ත්පර 17කට වරක් යුරෝපා වැසියෙක් කොවිඩ් රෝගය හේතුවෙන් මරණයට පත්වන බවයි.
ඉදිරී මාස හය තුළ යුරෝපයට උදා වීමට නියමිතව ඇත්තේ පවතින තත්ත්වයට වඩා ඉතා අසීරු තත්ත්වයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි .
එම සංවිධානය පවසන්නේ මෙම හේතුව නිසාවෙන්ම තත්ත්වය පාලනය කිරීම සඳහා කලාපීය බොහෝ රටවල් මේ වනවිටත් දැඩි සංචරණ සීමා හඳුන්වා දෙමින් කටයුතු කරන බවයි. ඒ නිසාවෙන් ආසාදිතයින් සහ මරණ වාර්තා වීම පසුගිය කාලයට වඩා මේ වන විට ක්‍රමයෙන් අඩු වීමක් සිදුව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩි දුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
