කහ සහ ගංජා ප්‍රවාහන කළ දෙදෙනෙක් අත්අඩංගුවට
මෙරටට නීතිවිරෝධී ලෙස ගෙන්වන ලද කහ සහ ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු මන්නාරම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී සැකකරුවන් විසින් කහ කිලෝග්‍රෑම් 721යි ග්‍රෑම් 500ක් සහ ගංජා කිලෝග්‍රෑම් 03යි ග්‍රෑම් 730ක් බෝට්ටුවකින් ප්‍රවාහනය කරමින් සිටියදී සායිඩ්සිටි ගම්මානය පිටුපස කලපුවේ දී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
අද ( 21 ) අදාළ සැකකරුවන් මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ඔවුන් මන්නාරම එරුක්කුලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
