දේශීය

ස්වයං නිරෝධායනයෙන් තොරව ශ්‍රී ලාංකිකයන්ට එක්සත් රාජධානියට ඇතුළු වීමේ අවස්ථාව

මෙරටින් පිටව යන ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට ස්වයං නිරෝධායනයට ලක්වීමකින් තොරව අද (21) දින සිට එක්සත් රාජධානියට ඇතුළු වීමේ අවස්ථාව හිමිව තිබේ.

එක්සත් රාජධානිය විසින් ස්වයං නිරෝධායනයෙන් තොරව සිය රටට ඇතුළු විය හැකි රාජ්‍යයන් ඇතුළත් ලැයිස්තුවට ශ්‍රී ලංකාව ද එක්කිරීම හේතුවෙනි.

ඒ අනුව ශ්‍රී ලාංකිකයින්ට ස්වයං නිරෝධායට ලක්වීමකින් තොරව එරට වේලාවෙන් අද අලුයම හතරේ සිට එරටට ඇතුළු වීමේ අවස්ථාව පවතී.

එක්සත් රාජධානිය විසින් ශ්‍රී ලංකාවට අමතරව ඊශ්‍රායලය සහ උරුගුවේ යන රටවල් ද එංගලන්ත ආරක්ෂිත සංචාරක ලැයිස්තුවට ඇතුළත් කර ඇති බව සඳහන් වේ.

මෙම සතිය තුළ දී කිසිදු රටක් ආරක්ෂක ලැයිස්තුවෙන් ඉවත් කර නොමැති බව බ්‍රිතාන්‍ය රජය පවසා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *