දේශීය

බන්ධනාගාරවල කොවිඩ් ආසාදිතයින් ඉහළට

මේ වන විට බන්ධනාගාර ආශ්‍රිතව කොවිඩ් ආසාදිතයින් 617දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඊයේ ( 20 ) නව ආසාදිතයින් 15දෙනෙකු කුරුවිට බන්ධනාගාරයෙන් හඳුනාගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඔවුන්ගෙන් දෙදෙනෙකු නිලධාරිනියන් වන අතර 13දෙනෙකු කාන්තා රැඳවියන් බව සඳහන් වේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඔවුන් මේ වන විට ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බවයි.

මේ වන විට හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයින්ගෙන් 578දෙනෙකු රැඳවියන් වන අතර අනෙක් 39දෙනා නිලධාරීන් බව වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *