දේශීය

රන් භාණ්ඩ සොරාගත් තිදෙනෙක් අත්අඩංගුවට

වවුනියාව නගරයේ රන් භාණ්ඩ වෙළෙඳ සැළකින් රන් භාණ්ඩ සොරාගත් තිදෙනෙකු වවුනියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 13 වැනිදා වවුනියාව නගරයේ රන් භාණ්ඩ අලෙවි සැළකට ඇතුළු වී රුපියල් ලක්ෂ හතරකට ආසන්න වටිනාකමින් යුතු රන් භාණ්ඩ සොරාගත් මව, දියණිය හා දියණියගේ පෙම්වතා එලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

රන් භාණ්ඩ අලෙවි සැළේ සීසීටීවි දර්ශන උපයෝගී කර ගනිමින් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සිදුකළ බවත් සැකකරුවන් රන් භාණ්ඩ අලෙවි සැළට පැමිණ රන් භාණ්ඩ නිරීක්ෂණය කරන අතුරතුර එම සොරකම සිදුකර ඇති බවට අනාවරණය වු බවත් පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වවුනියාව මහෙස්ත්‍රත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලීසිය වැඩිදුර විමිර්ෂන සිදු කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *