ක්‍රීඩාදේශීය

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ විදෙස් ක්‍රීඩකයින් පිරිසක් දිවයිනට

අද  (22 ) අලුයම ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන විදෙස් ක්‍රීඩකයින් පිරිසක් දිවයිනට පැමිණ ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය කණ්ඩායම් 5ක සහභාගීත්වයෙන් ලබන 26වැනිදා හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

එම කණ්ඩායම් වන්නේ ගෝල් ග්ලැඩියේටර්ස්, කලම්බෝ කිංග්ස්, දඹුල්ල වයිකිං, ජැෆ්නා ස්ටැලියන්ස් සහ කැන්ඩි ටස්කර්ස් වේ.

ඊයේ (21) රාත්‍රියේ සහ අද (22) අලුයම තරගාවලියට සහභාගීවන ක්‍රීඩකයින් කිහිප දෙනෙක් දිවයිනට පැමිණි අතර ඉන්දීය ක්‍රීඩකයින් දෙදෙනෙක් සහ පකිස්ථාන ක්‍රීඩකයෙක් ඊට ඇතුළත්ය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *