තවත් ශ්‍රී ලාංකිකයින් 93ක් දිවයිනට
අද ( 22 ) විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 93දෙනෙකු දිවයිනට පැමිණ ඇත.
දෝහා කටාර් සිට පුද්ගලයින් 41දෙනෙකු හා ඩුබායි සිට පුද්ගලයින් 52දෙනෙකු දිවයිනට පැමිණි බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
මෙම සියළු පිරිස් නිරෝධායනය සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර තිබේ.
මේ වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 39ක් තුළ පුද්ගලයින් 4,193දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඊයේ ( 21 ) PCR පරීක්‍ෂණ 10,514ක් සිදුකර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වැඩි දුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
