දේශීය

දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි

ගිනිකොණදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බවත් එය ඉදිරි පැය 24 – 48 කාලය තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම පද්ධතිය බස්නාහිර – වයඹ දෙසට ගමන් කරනු ඇති අතර නොවැම්බර් මස 24 වන දින පමණ වන විට දිවයිනේ උතුරු – නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශ වෙත ළඟා විය හැකිය.

නැගෙනහිර, උතුරු, උතුරු මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

සවස 2න් පසු මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම ප්‍රදේශවල මි.මී 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *