විදේශීය

යළි කැලි‍ෆෝනියා ප්‍රාන්තයට ඇඳිරිනීතිය

ඇමරිකාවේ සමස්ත ආසාදිතයින් මිලියන 12 ඉක්මවාගොස් ඇති පසුබිමක කැලිෆෝනියා ප්‍රාන්තයට ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට බල පැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය පැන වූ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඇමරිකාව තුළ පෙරට වඩා වේගවත්ව පුළුල්ව හා දීර්ඝ වශයෙන් වසංගතය පැතිර යමින් ඇති බව විශේෂඥයින් අනතුරු අඟවන අතර එරට කොවිඩ් මරණ 261,790ක් මේ වන විට වාර්තා වී තිබේ.

වසංගත රෝග ව්‍යාප්තිය පාලනය හා වැළැක්වීම සඳහා වන ඇමෙරිකානු ආයතනය පෙන්වා දෙන්නේ වෛරසය බොහෝදුරට ව්‍යාප්ත වන්නේ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ආසාදිතයන්ගෙන් බවයි.

ඒ අනුව ආරක්ෂිත මුහුණු ආවරණ පැළඳීමේ වැදගත්කම ද ඔවුන් දැඩිව අවධාරණය කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *