කාලගුණ රතු නිවේදනයක් නිකුත් කරයි
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි, තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
දිවයිනට ගිණිකොණදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කාලාපය ඉදිරි පැය 24තුළ දී පීඩන අවපාතයක් දක්වා වර්ධන විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඉදිරි පැය 48ක කාලය තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බවත් එය වයඹ දෙසට ගමන් කරමින් නොවැම්බර් මස 24වන දින දිවයිනේ ඊශාන දිග වෙරළබඩ ප්‍රදේශ වෙත ළඟා හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
