තවත් ආසාදිතයින් 479ක් සුවය ලබයි
කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 479දෙනෙක් අද (22) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන 33ක සිටි ආසාදිතයින් පිරිසක් මෙලෙස සුවය ලබා පිටව ගොස් ඇත.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 14,069ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මේ වන විට රෝහල්ගතව පුද්ගලයින් 5,619ක් ප්‍රතිකාර ලබමින් සිටී.
මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 19,771ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ (21) සිදුවු කොවිඩ් මරණයත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 83ක් දක්වා ඉහළ ගියේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
