බස්නාහිර හා හුදෙකලා ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසල් හෙට සිට විවෘත කරයි
හෙට (23) බස්නාහිර පළාත සහ හුදෙකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසල් විවෘත කෙරෙන අතර 6 සිට 13 ශ්‍රේණි සඳහා පමණක් හෙට පාසල් විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
බස්නාහිර පළාතේ හා හුදෙකලා කර ඇති ප්‍රදේශවල හැර අනෙකුත් සියළුම පිරිවෙන් හා බෞද්ධ සීල මාතා අධ්‍යාපන ආයතන ද හෙට ආරම්භ කරයි.
පාසල් විවෘත කිරීමට පෙර ඒ ආශ්‍රිතව මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන්නැයි උපදෙස් ලබාදී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
