දේශීය

රාමඤ්ඤ මහා නිකායේ මහා නායක ධූරයට මකුලෑවේ විමල අනුනායක මහනාහිමියන් පත් කරයි

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහනායක ධුරය සඳහා අතිපුජ්‍ය මකුලෑවේ විමලාභිධාන මා හිමිපාණන් පත්කර තිබේ.

අද (22) පෙරවරුවේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභාව විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බව සඳහන් වේ.

මකුලෑවේ විමලාභිධාන මා හිමිපාණන් රාමඤ්ඤ මහා නිකායේ 14වැනි මහ නාහිමියන් ලෙසින් අද එම තනතුරට පත්කර තිබේ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි හිමියන් අපවත්වීම හේතුවෙන් මහ නායක ධුරය පුරප්පාඩු විය.

අද (22) පස්වරුවේ අපවත් වී වදාළ නාපානේ පේමසිරි හිමිගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කුණ්ඩසාලේ ජාතික පාසල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *