දේශීය

හෙට කොළඹ සහ ගම්පහ ප්‍රදේශ කිහිපයක හුදෙකලා කිරීම ඉවතට – කළුතර ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කරයි

කොළඹ දිස්ත්‍රික්කයේ බොරැල්ල, වැල්ලම්පිටිය, කොටුව, කොම්පඤ්ඤ වීදිය යන ප්‍රදේශ හා ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත, ජා ඇළ ප්‍රදේශ හුදෙකලා කිරීම හෙට (23) අලුයම 5.00 ට ඉවත් කරන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසම සහ කොම්පඤ්ඤවීදියේ වෑකන්ද ග්‍රාම නිලධාරී වසම නැවත දැනුම් දෙන තුරු හුදෙකලා තත්ත්වයේ පවතින බවයි.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ බෝගහවත්ත, කිරිමන්තුඩාව, බමුනුමුල්ල, කෝරාවල, අටළුගම, බමුනුමුල්ල (මුස්ලිම්) හා ගලගහමණ්ඩිය යන ග්‍රාම නිලධාරී කොට්ඨාශ හුදෙකලා කිරීමට පියවර ගෙන ඇති බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *