දේශීය

පාසැල් සිසුවෙකුට වෙඩි තැබූ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට

ඇරැව්වල ධර්මපාල විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ සෙල්ලම් සිටි සිසුවෙකුට වෛද්‍යවරයෙකු විසින් වායු රයිෆලයකින් වෙඩි තැබීම හේතුවෙන් එම සිසුවා තුවාල ලබා රෝහල් ගත කොට තිබේ.

පොලීසිය සඳහන් කළේ මෙම සිසුවා පාසලේ ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කරමින් සිටියදී පන්දුව අසල වත්තකට ගොස් ඇති අතර එය නැවත ලබා ගැනීමට යාමේදී මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි.

මහරගම අපේක්ෂා රෝහලේ සේවය කරනු ලබන වෛද්‍යවරයෙකු මෙලෙස සිසුවාට වෙඩි තබා ඇති අතර ඔහුව මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තුවාල ලැබූ පාසැල් සිසුවා කළුබෝවිල රෝහලට ඇතුලත් කර තිබෙන අතර අත්අඩංගුවට ගනු ලැබූ මෙම වෛද්‍යවරයා අද දිනයේදී නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *