දේශීය

අද සිට බස්නාහිර පළාතේ හැර සෙසු ප්‍රදේශවල පාසල් යළි ආරම්භ කෙරේ

අද බස්නාහිර පළාත සහ හුදකලා කර තිබෙන ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශවල පාසල් ආරම්භ විය.

6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණි දක්වා සිසුන් හට මෙලෙස පාසල් ආරමභ විය.

අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ සෞඛ්‍ය නීති රීති වලට අනුව අධ්‍යාපන කටයුතු ආරම්භ කරන බවයි.

එසේම බස්නාහිර පළාතේ පදිංචි එහෙත් වෙනත් පළාත්වල අධ්‍යාපනය ලබන සිසුන්ට එම පාසාල් වලට යාමට අවසර නොමැති බව අධ්‍යාපන අමාත්‍යශය සඳහන් කර ඇත.

මෙලෙස පාසල් පද්ධතිය ආරම්භ කළේ සැලසුම් සහගතව බවත් මෙම තීරණය එකවර ගත් තීරණයක් නොවන බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේය.

එම නිසා පාසල් වෙත ළමුන් එවීමට බිය නොවන ලෙසත් නිසි නිරෝධායන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමේවෙද වලට අනුව පසල් තුළ අධ්‍යන කටයුතු සිදු වන ලෙසත් එම මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *