විදේශීය

ඉන්දියාවේ කොවිඩ් වෛරස ආසාදිතයින් තවදුරටත් ඉහළට

ලොව ජන ගහනය අතින් දෙවන තැන සිටින ඉන්දියාව කොවිඩ් වෛරස ආසාදිත රටවල් ලැයිස්තුවේද දෙවන තැන හිමි කර ගෙන ඇත.

ඒ ඇමරිකාවට පසු වැඩිම ආසාදිතයින් පිරිසක් ඉන්දියාවෙන් වාර්තා වීම හේතුවෙණි.

මෙවන විට සමස්ත කොවිඩ් වෛරස ආසාදිතයින් 9,140,312ක් ඉන්දියාවෙන් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මෙම වෛරසයට ගොදුරු වී ජීවිත 133,773ක් අහිමි වී ඇති බවත් එරට සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මේ වන විට ආසාදිතයින් 8,562,641ක් සුවය ලබා ඇති අතර,තවත් ආසාදිතයින් 443,898ක් ප්‍රතිකාර ලබමින් සිටින බවත් වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *