ජාතික පාසල් විදුහල්පති තනතුර සඳහා අයදුම් පත් නිකුත් කිරීම දෙසැම්බර් 04 අවසන්
අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පවතින ජාතික පාසල් අතරින් විදුහල්පති තනතුර සඳහා අයදුම් පත් කැඳවීම මේ මස 06 වන දින ආරම්භ විය.
විදුහල්පති තනතුර සඳහා පුරප්පාඩු පවතින ජාතික පාසල් 170ක් පමණ වන අතර එම පුරප්පාඩු සඳහා සුදුසුකම් සහිත නිලධාරීන්හට ඉල්ලුම් කිරීමට හැකියාව ඇත. අයදුම්පත් භාර ගැනීම අවසන් වන්නේ 2020.12.04 වන දිනයි.
මෙතෙක් මේ සඳහා අයදුම් කිරීමට නොහැකි වූ නිලධාරීන්හට අධ්‍යාපන අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය වන http://www.moe.gov.lk වෙත පිවිසීමෙන් අදාළ අයදුම්පත් පිළිබඳව මෙන්ම වැඩි දුර තොරතුරු ලබා ගැනීමට හැකියාව ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
