දිවයිනට සුළි කුණාටු තත්ත්වයක් ඇති වීමේ අවධානමක්
දිවයිනට නැගෙනහිර දෙසින් පවතින අඩුපීඩන කලාපය ඉදිරි පැය 06ක කාලය තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එය ඉදිරි පැය 30ක කාලය තුළ දී සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ වැඩි හැකියාවක් පවතින බවත් මෙම පද්ධතිය වයඹ දෙසට ගමන් කරමින් හෙට (24) දිනය වන විට දිවයිනේ ඊසාන දිග වෙරළබඩ වෙත ළඟා වීමේ හැකියාවක් ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී 150ට වැඩි තද වැසි ඇති විය හැකිය.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.
නැගෙනහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.
නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වලත් විටින් විට පැ.කි.මී (60 – 70) පමණ වන ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇති වෙන බවත් සෙසු ප්‍රදේශවල පැ.කි.මී 40-50ත් පමණ තද සුළං ඇති වෙන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
