දේශීය

බැසිල්ට එරෙහි විදේශ ගමන් තහනම ඉවතට

අද ( 23 ) හිටපු අමාතය බැසිල් රාජපක්ෂ හට පනවා තිබු විදේශ ගමන් තහනම කොළඹ මහාධිකරණය විසින් ඉවත් කිරීමට නියෝග කර තිබේ.

2015 ජනාධිපතිවරණය සමයේ දිවි නැගුම සහනාධාර ලාභීන්ට සෙවිලි තහඩු ඇතුළු නිවාස උපකරණ බෙදා දීමට දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 2991 මුදලක් සම්බන්ධයෙන් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු ඇතුළු 04දෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩුව අද මහාධිකරණ විනිසුරු ආර්.ගුරුසිංහ මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කරනු ලැබේ.

ඒ බව තහවුරු කිරීමට ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරන ලද ලිපියක් ද අධිකරණයට ඉදිරිපත් කරන ලදී.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *