දේශීය

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

කෙවිඩ් වෛරසය නිසා තාවකාලිකව වසා දමා තිබූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය හෙට සිට යළි විවෘත කිරීමට කටයුතු සුදානම් කර ඇත.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම කාර්යාලයෙන් සේවාවන් ලබා ගැනීමේ දී දිනය හා වේලාව වෙන් කරවා ගතහොත් පමණක් සේවාවන් සපයන බව දැනුවත් කර ඇත. සතියේ දින වලදී පෙ.ව.9.00 සිට ප.ව. 4.00 දක්වා කාලයේ දී පහත සඳහන් ඇමුණුමේ සඳහන් අංකවලට අමතා දිනය හා වේලාව වෙන් කරවාගෙන ජනතාවට සේවාවන් ලබා ගැනීමට හැකියාව ඇත.

යාපනය,අනුරාධපුරය,කුරුණෑගල,ගම්පහ,හම්බන්තොට යන දිස්ත්‍රික් කාර්යාල මගින් වාහන පැවරීමට අදාළ සේවාවන් තව දුරටත් පවත්වාගෙන යන බැවින් ජනතාවට පහසු කාර්යාලයක් මගින් අවශය සේවාව ලබා ගත හැක.

සෞඛ්‍ය හා ආරක්ෂක අංශ විසින් පනවා ඇති නීති රීති හා උපදෙස් වලට අනුකූලව කටයුතු කළ යුතු අතර මුඛ ආවරණ පැළඳීම,අත්සේදීම,සමාජ දුරස්තභාවය පවත්වා ගැනීම වැනි සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් සේවාවන් ලබා ගත යුතු වේ.

සීමිත කාර්යම්ණඩලයක් යොදා ගනිමින් මෙම කාර්යාලයේ සේවාවන් සැපයීමට නියමිත බැවින් පවතින තත්වය පිළිබඳ අවබෝධයෙන් ඉවසීමෙන් හා වගකීම් සහගත ලෙස කාර්ය මණ්ඩලයට හා ආරක්ෂක අංශ වලට සහය වීම අපේක්ෂා කරයි.

එම නිවේදනය පහතින් දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *