සංචාරක අමාත්‍යංශය විදුලි බිල් ගෙවීමට තවත් මාස 06ක් ඉල්ලයි
සංචාරක අමාත්‍යංශය විසින් ලංකා විදුලි බල මණ්ඩලයෙන් ඉල්ලීමක් කර ඇත.
සංචාරක අමාත්‍යංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතා විසින් ලිඛිතව මෙම ඉල්ලීම ලංකා විදුලි බල මණ්ඩලය වෙත යොමු කර ඇත.
එහි සඳහන්ව ඇත්තේ සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් , සංචාරක වාසස්ථාන සඳහා ලබා දී ඇති විදුලි බිල් පත් සහනය තවත් මාස 06 ක කාලයක් දීර්ඝ කරන ලෙසය.
කොවිඩ් වෛරස තත්වය හේතුවෙන් සංචාරක කරමාන්තය බිඳ වැටී ඇති බවත් එය තවමත් පෙර පරිදි යථාතත්වයට පත්ව නොමැති හෙයින් මෙම සහනය ලබා දෙන ලෙස වැඩි දුරටත් එම ලිපියේ සඳහන්ව ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
