කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සියලුම පාසල් යළි වැසේ
කිලිනොච්චි ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයෙක් වාර්තා වීමත් සමග එම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් වසා දැමීමට පියවර ගෙන ඇත.ඒ අනුව අද (24) සිට ලබන සිකුරාදා දක්වා පාසල් වසා දැමීමට තීරණය කර ඇත.
75හැවිරිදි පුද්ගලයෙක් කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ඔහුව PCR පරික්ෂණයට යොමු කිරීමෙන් පසු කොවිඩ් වෛරස ආසාදිතයෙක් බවට තහවුරු වී ඇත.මෙම පුද්ගලයා නිරෝධායන කටයුතු සඳහා වැලිකන්ද නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට කටයුතු තර ඇත.
කිළිනොච්චි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළේ මෙම පුද්ගලයාගේ ආශ්‍රිතයින් 06 දෙනෙක්ව ද මේ වන විට නිරෝධායන කටයුතු සඳහා යොමු කර ඇති බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
