කොවිඩ් ආසාදිත පොලිස් පොකුර 1000 ඉක්මවයි
පොලිස් දෙපාර්තමේන්තුව ආශ්‍රිතව හඳුනාගැනුණු කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1059ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
එම ආසාදිතයින් අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් 238දෙනෙකු ද වන බව සඳහන් වේ.
ඒ අනුව ඊයේ (23) හඳුනාගත් ආසාදිතයින් 337දෙනාද සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 20,508ක් දක්වා ඉහළ ගොස් තිබේ.
සමස්ත ආසාදිතයින්ගෙන් 14,497දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවත් ආසාදිතයින් 5,921ක් පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
ඒ අනුව ඊයේ (23) තවත් මරණ 03ක් වාර්තාවීමත් සමඟ මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 90කි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
