දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩුපීඩන කලාපය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී තිබේ.
ලංකාවේ ත්‍රිකුණාමලය වෙරළට කි.මී.370දුරින් (9.3N,84.5E) මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව ඇති බවත් එය ඉදිරි පැය 24ක කාලය තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම පද්ධතිය ඉදිරි පැය 48 තුළ දිවයිනේ උතුරු වෙරළ ආසන්නයෙන් ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කරන අතර එහි බලපෑමෙන් දිවයිනේ නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල විටින්විට පැ.කි.මි. 60-70 පමණ දක්වා වන ඉතා තද සුළං ඇති විය හැකිය.
සෙසු ප්‍රදේශවල පැ.කි.මි. 40-50 පමණ දක්වා වන තද සුළං ඇති විය හැකි අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකිය .
උතුරු පළාතේත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි අතර උතුරු මැද සහ වයඹ පළාත්වලත් මඩකළපුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50-100 පමණ තරමක් තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
තද සුළං මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
