නිරෝධායන නීති කඩ කළ තවත් පුද්ගලයින් 62ක් අත්අඩංගුවට
ගතවූ පැය 24ක කාලය තුළ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 62 දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ ඔවුන් සියළුදෙනා සමාජ දුරස්ථභාවය පවත්වාගෙන නොයාම සහ මුහුණු ආවරණ පැළඳ නොසිටීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බවයි.
ඒ අනුව පසුගිය ඔක්තෝබර් මස 30 වනදා සිට මේ දක්වා නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 527දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් සියලුදෙනාට එරෙහිව ඉදිරියේදී නිරෝධායන නීති යටතේ නඩු පැවරීමට කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරයි.
කෙසේවෙතත් කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවල පොලිස් වසම් 18ක තවදුරටත් සංචරණ සීමා ක්‍රියාත්මකවන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
