යානය මගහැරෙයි – අෆ්රිඩි ප්රමාදයි
ඊයේ (23)ලංකා ප්රිමියර් ලීග් (LPL) ක්රිකට් තරගාවලිය සඳහා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායක ශහිඩ් අෆ්රිඩි හට මෙරටට පැමිණීමට නොහැකි වී ඇත.
ඒ කොළඹ බලා පැමීණීමට නියමිතව තිබූ ගුවන් යානය ඔහුට මගහැරීම හේතුවෙණි.
අෆ්රිඩි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ කඩිනමින් ශ්රී ලංකාව වෙත පැමිණීමට කටයුතු කරන බවයි.
කෙසේවෙතත් ඔහු මෙරටට පැමිණීමෙන් පසු නිරෝධායන නීති රීතිවලට අනුව නිරෝධායන කටයුතු අවසන් කිරීටමන් පසුව තරග වැදීමට හැකිවන බවයි සඳහන් වන්නේ.
මෙම තත්වය හේතුවෙන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායක ශහිඩ් අෆ්රිඩි හට LPL තරගාවලියේ තම කණ්ඩායමට හිමි පළමු තරග වට කිහිපයක් අහිමි වීමට ඉඩ ඇති අතර, එම අවස්ථාවලදී කණ්ඩායමේ උප නායක භානුක රාජපක්ෂ විසින් තම කණ්ඩායම මෙහෙයවීමට නියමිත බව සඳහන් වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
