සඳ මතුපිට පාෂාණ කොටස් ගෙනඒමට චීන යානාවක් ගුවන් ගත කෙරේ
සඳ මතුපිට ඇති පාෂාණ කොටස් සහ පස් සාම්පල ලබාගැනීම සඳහා චීනය විසින් අභ්‍යවකාශ යානාවක් ගුවන් ගත කර තිබේ.
රොබෝ තාක්ෂණය ඔස්සේ ක්‍රියාත්මක වන චේන්ජ් -5 නම් අභ්‍යවකාශ යානාය අද (24) උදෑසන අභ්‍යවකාශගත කර ඇති අතර එය සාර්ථක වුවහොත් දෙසැම්බර් මාසයේදී නැවත පෘථිවියට ළඟාවීමට නියමිතව බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මීට වසර 40කට පමණ පෙර සඳ තරණය කළ ඇමෙරිකානු සහ සෝවියට් රුසියානු ගගනගාමීන් එහි පාෂාණ සහ පස් විශ්ලේෂණය සඳහා ගෙනැවිත් තිබුණි.
ඒ අනුව ජයග්‍රහණයක් ලද තුන්වන රට බවට චීනය පත්වනු ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
