අගුණුකොළපැලැස්ස රැඳවියන් ඇරඹූ විරෝධතාව තවදුරටත් ක්‍රියාත්මක වේ
ඊයේ ( 23 ) අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් බන්ධනාගාරයේ වහලක් මත නැග ආරම්භ කළ විරෝධතාව තවදුරටත් ක්‍රියාත්මකව පවතී.
මෙම පිරිස විරෝධතාවයක නිරත වී ඇත්තේ නිරෝධායනය සඳහා රැඳවියන් පිරිසක් එම බන්ධනාගාරයට ගෙන ඒමට එරෙහිවයි.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ බන්ධනාගාරයේ කොවිඩ් ආසාදිත පොකුර පාලනය කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් 5දෙනෙකු යොමුකර ඇති බවයි.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
