දේශීය

ව්‍යාජ ඇමරිකානු ඩොලර් 100 නෝට්ටු සමග පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට

ව්‍යාජ ඇමරිකානු ඩොලර් 100 නෝට්ටු තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සැකකරුවන් දෙදෙනා කන්තලේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් 42 හා 48 හැවිරිදි බණ්ඩාරවෙල සහ ඉබ්බන්ගමුව යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් දෙදෙනෙකි.

එම සැකකරුවන් ලඟ තිබී ඇමරිකානු ඩොලර් 100 නෝට්ටු 372ක් සොයා ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

 කන්තලේ පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *