කාන්තා නිලධාරිනියකට පහරදුන් ප්‍රධාන ඉන්ජිනේරුවා අත්අඩංගුවට
ඊයේ (24) බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පොල කාර්යාලයේ සේවිකාවකට පහරදීම සම්බන්ධයෙන් එහි ප්‍රධාන ඉංජිනේරුවරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කෙසේවෙතත් පහර දෙන අවස්ථාවේදී එම නිලධාරිනිය විසින් එය සිය ජංගම දුරකථනයේ පටිගත කර ගෙන තිබු අතර පසුව එම වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ ඊයේ සංසරණය විය.
මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාතේ සැකකාර ප්‍රධාන ඉංජිනේරුවරයාගේ සේවය මේ වනවිට අත්හිටුවා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
