දේශීය

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කිලිමන්තුඩාව ග්‍රාමසේවා වසම හුදකලා තත්ත්වයෙන් නිදහස් කරන බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර ඇත.

කළුතර බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අටුලුගම නැගෙනහිර , එපිටමුල්ල සහ කොළමැදිරිය යන ග්‍රාම සේවා වසම් හුදකලා කිරීමට කටයුතු කර ඇත.

එසේම මහනුවර දිස්ත්‍රික්කයේ අලවතුගොඩ පොලිස් වසමේ ( අකුරණ ප්‍රාදේශීය කොට්ඨාසයේ) බුලුගහතැන්න ග්‍රාම සේවා වසම හා තෙළඹුගහවත්ත ග්‍රාම සේවා වසම හුදකලා කිරීමට කටයුතු කර ඇත.

ඒ පිළිබඳ නිවේදනය පහත දැක් වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *