දේශීය

බේරුවල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුට කොවිඩ්

බේරුවල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී  ඇති බව තහවුරු වී ඇත.

එම මන්ත්‍රීවරයා අළුත්ගම දර්ගා නගරයේ පදිංචිකරුවෙක් වන අතර පසුගිය දිනෙක එම ප්‍රදේශයේ PCR පරීක්ෂණ 83ක් පමණ සිදු කර ඇත.

එහිදී මෙම මන්ත්‍රීවරයා හා එම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

මෙම වෛරස ආසාදිතයින්ගේ පළමුපෙළ ආශ්‍රිතයන් කිහිපදෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *