කාන්තා නිලධාරිනියකට පහරදුන් ප්‍රධාන ඉන්ජිනේරුවා ඇප මත මුදා හැරේ
බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පොල කාර්යාලයේ සේවිකාවකට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි ප්‍රධාන ඉංජිනේරුවරයා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හැර තිබේ.
කෙසේ හෝ පහර දෙන අවස්ථාවේදී එම නිලධාරිනිය විසින් එය සිය ජංගම දුරකථනයේ පටිගත කර ගෙන තිබු අතර පසුව එම වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ ඊයේ සංසරණය වීම හේතුවෙන් ඔහු අද (25) පෙරවරුවේ අත්අඩංගුවට ගැණිනි.
බස්නාහිර පළාත්බද මාර්ග සංවර්ධන සභාපති උපාලි කොඩිකාර මහතා පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාතේ සැකකාර ප්‍රධාන ඉංජිනේරුවරයාගේ සේවය අත්හිටවූ බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
