තවත් ශ්‍රී ලාංකිකයින් 197ක් දිවයිනට
මෙරටට පැමිණීමට නොහැකිව විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 197දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.
ඒ අනුව කටාර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලංකිකයින් දෙදෙනෙකු, ඩුබායි රැඳී සිටි ශ්‍රී ලංකිකයින් 50දෙනෙකු,ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලංකිකයින් අනු දෙදෙනෙකු සහ මාලදිවයිනේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 53දෙදෙනෙකු මෙලසෙ දිවයිනට පැමිණ ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
ඔවුන් සියළුදෙනා PCR පරීක්ෂණවලට යොමුකිරීමෙන් පසුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.
ඊයේ (24) දින කොවිඩ් අසාදිතයින් හඳුනා ගැනීම සඳහා PCR පරීක්ෂණ 7,467ක් සිදුකර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වැඩි දුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
